මුළු ශ‍්‍රීලනිපයට 15 වැනිදාට විපක්‍ෂයට යනවා.. අමරවීර-දුමින්ද ඇතුළු දෙතුන් දෙනෙක් එජාපයට යනවා..- WDJ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

May 7, 2018

මුළු ශ‍්‍රීලනිපයට 15 වැනිදාට විපක්‍ෂයට යනවා.. අමරවීර-දුමින්ද ඇතුළු දෙතුන් දෙනෙක් එජාපයට යනවා..- WDJ

විපක්‍ෂයට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය සමග සන්ධානගතව කටයුතු කිරීමට තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම අදහස් කර සිටින බව හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඉදිරියේදී අගමැතිවරයා වීමට මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිදු බාදාවක් නැති බවත් ඔහුගේ අගමැති ධුරය යටතේ කටයුතු කිරිමට තම කණ්ඩායමට කිසිදු
බාධාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

08 වැනිදා තම කණ්ඩායම විපක්‍ෂයට යන බවත් ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් 15 වැනිදා ගෙන එන බවත් ඉන් ජයගතහොත් මුළු පක්‍ෂයම විපක්‍ෂයට යාමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

එහිදී සන්ධාන මහ ලේකම් හ‍්‍රිලනිප මහ ලේකම් සහ තවත් ශ‍්‍රිලනිප තුන් හතර දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂටය එක්ව ආණ්ඩුවේ සිටිනු ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.