දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අද රට පුරා සැමරුම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, May 18, 2018

දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අද රට පුරා සැමරුම්

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිදුන්  රණවිරුවන් සිහි කරමින් උතුරේත් දකුණේත් අද (18) සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

යුද්ධ හමුදා මූලස්ථානය පැවසුවේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන
මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වෙන බවයි. පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් ආරම්භ වනු ඇති.

ආරක්‍ෂක අංශ සහ ප‍්‍රදේශවාසීන් එක්ව උතුරේද රණවිරු සැමරුම් සංවිධාන කර ඇතැයි පැවසුවා.

දකුණේද සිවිල් සංවිධාන හා දේශපාලන පක්‍ෂ එක්ව රණවිරු සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ජාතික හිමිකම් සංවිධානයේ 9 වන රණවිරු විජයග‍්‍රහණ සැමරුම අද පැවැත්වෙන්නේ ගලිගමුව සංගප්පාලි ග‍්‍රාමයේදීයි.

ජාතික හෙළ උරුමයද අද දිනයේ රණවිරු සැමරුම් වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදීයි.