එජාප - ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම ලබන සතියේ අත්සන් කෙරේ ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, May 5, 2018

එජාප - ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම ලබන සතියේ අත්සන් කෙරේ !

යහපාලන ජාතික රජය 2020 තෙක් පවත්වාගෙන යාම සඳහා  අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට ලබන සතියේදී අත්සන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම ගිවිසුමට 2020 පැවැත්වෙන මහ මැතිවරණය දක්වාම පවත්වාගෙන
යා යුතු බවට වන යෝජනාවක් ද ඇතුළත් බව පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හා එක්සත් ජාතික පක්ෂ අභිනව මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම් යන අය මෙම ගිවිසුම සඳහා අත්සන් තබනු තැබීමට නියමිත බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම්වරයාගේ පළමු නිල කටයුත්ත ලෙස මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම්‍ සිදුවීමට නියමිත අතර කාරියවසම් මහතා හෙට (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක්  රාත්‍රී 9.00 ට ආරම්භ කර පසුදා පහන්වන තුරු එය පවත්වා මැයි 07 වැනිදා හීල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කර වැඩ බාර ගැනීමට නියමිත බවයි.

අවබෝධතා ගිවිසුම ශ්‍රීලනිපය වෙනුවෙන් අධ්‍යනය අමුණුගම

අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් අධීක්ෂණය කරනු ලැබුවේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විසින් බවද පැවසේ.

එක්සත් ජාතික පක්ෂය  වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ගිවිසුම සකස් කර ඇතැයි පැවසේ.

2015 අගෝස්තු මාසයේදී අත්සන් තැබුණු යහපාලන ජාතික රජයේ පළමු ගිවිසුමට ඇතුළත් කරුණු සියල්ලම මෙම ගිවිසුමටද ඇතුළත් කිරීමට නියමිත බවද පැවසේ.