16 කණ්ඩායමෙන් දෙදෙනෙක් මඩකලපු වේදිකාවේ.. තුන්දෙනෙක් මඩකලපු ගේට්ටුව ලග කොකම් පායි.. 11ක් අතුරුදන්.. - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, May 8, 2018

16 කණ්ඩායමෙන් දෙදෙනෙක් මඩකලපු වේදිකාවේ.. තුන්දෙනෙක් මඩකලපු ගේට්ටුව ලග කොකම් පායි.. 11ක් අතුරුදන්..

ආණ්ඩුවේ දරන ලද තනතුරුවලින් ඉල්ලා අස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගෙන් 11 දෙනෙකු මැයි දිනය වෙනුවෙන් පැවති කිසිදු රැළියකට සහභාගී නොවූහ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක හා මන්ත‍්‍රීනී සුමේදා ජී ජයසේන පමණක් මඩකලපුවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින වේදිකාවට ගොඩ වූහ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර,
ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන තිදෙනා මඩකලපුවේ ශ‍්‍රීලනිප මැයි රැළි වේදිකාවට ගොඩ නොවූවද එහි ගොස් පිටියේ රැුදී සිටියහ.

සෙසු 11 දෙනා කිසිදු මැයි සැමරුමකට එක් වූයේ නැත.