වරෙන්තු ලැබූ සරණ ගුණවර්ධන පෙර ඇප මත නිදහස් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, February 2, 2018

වරෙන්තු ලැබූ සරණ ගුණවර්ධන පෙර ඇප මත නිදහස්

සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා ගනිමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් නඩු 3කට අදාළව  වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා කොළඹ අතිරේක
මහේස්ත්‍රාත් මනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින්  පෙර ඇප මත මුදා හැර තිබේ.

ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණේ අදාළ නඩු සඳහා දිගින් දිගටම පෙනී නොසිටීම හේතුවෙනි.