පෙළපාලිවලින් එන පක්ෂ නායකයන් නීතිය හමුවට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, February 1, 2018

පෙළපාලිවලින් එන පක්ෂ නායකයන් නීතිය හමුවට

ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් තම ආධාරකරුවන් සමඟ පෙළපාලි මඟින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා පැමිණිම සපුරා තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මෙම නීතිය උල්ලංඝනය කරන්නේ දැයි නිරීක්ෂණය කිරීම පිණිස එම
අවස්ථා වීඩියෝ කිරීමට කොමසාරිස්වරයා බලයලත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් කොමිසම මෙම තීරණයට පැමිණ තිබේ.

ඒ අනුව යම් පක්ෂ නායකයෙක් තම ආධාරකරුවන් සමග පෙළපාලිවලින් පැමිණ රැස්වීම්වලට එක්වේ නම් ඒවා ජංගම දුරකථන මගින් හෝ වීඩියෝ කර සාක්ෂි ලෙස තබා ගැනීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලැබී තිබේ. ඒ අනුව මෙකී නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.