තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අමතර දින දෙක අද සහ හෙට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, February 1, 2018

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අමතර දින දෙක අද සහ හෙට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අද (01) සහ හෙට (02) යන දෙදින තුළ යළි ඒ සඳහා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ලබන පෙබරවාරි මස දහ වන දින පැවැත්වෙන පළාත් පාලන ආයතන
ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදියර දෙකක් යටතේ සිදු කෙරිණි.

පළමු අදියර යටතේ පසුගිය 22 වන දින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල  සහ පොලිස් ස්ථානවල, නිලධාරීන් ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන අදියර යටතේ සෙසු රාජ්‍ය ආයතනය වල පසුගිය 25 සහ 26 යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කළේය.

එම දින වල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.