February 2018 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, February 28, 2018

පුංචි ආණ්ඩු රැසක් යහපාලන ආණ්ඩු වෙයි

Wednesday, February 28, 2018
පුංචි ආණ්ඩු රැසක් යහපාලන ආණ්ඩු වෙයි
එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. පක්‍ෂ දෙක එක්වුවහොත් එම ආයතනයේ බහුතර බලය ලබාගත හැකි නම් ඒ සෑම පළාත් පාලන ආයතනයකම බලය ඒකාබද්ධව පිහිටුවීමටයි තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඊයේ පැවති

ජනපති සහ ෆොන්සේකා අතර හමුවක්

Wednesday, February 28, 2018
ජනපති සහ ෆොන්සේකා අතර හමුවක්
ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතයි. ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවන්නේ උදෑසන 9 ට බවයි දේශපාලන ආරංචි සදහන් කළේ. ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මුණ ගැසී තිබෙනවා.

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත්

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…

Wednesday, February 28, 2018
ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට

ලලිත් වීරතුංගගේ පෙත්සම සළකා බැලීම 2 වැනි දා

Wednesday, February 28, 2018
ලලිත් වීරතුංගගේ පෙත්සම සළකා බැලීම 2 වැනි දා
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර 03ක සිර දඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිදුකළ ඉල්ලීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ(27) දැනුම් දී තිබේ.

ඒ අනුව කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර

අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි.. අද නිතිය භාර අගමැතිට තම මිතුරා ලංකාවට ගෙන්නා නීතිය කරන්න අවස්ථාව..

Wednesday, February 28, 2018
අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි.. අද නිතිය භාර අගමැතිට තම මිතුරා ලංකාවට ගෙන්නා නීතිය කරන්න අවස්ථාව..
පසුගිය කාලය පුරාම සාමාන්‍ය මහා ජනතාව අතර අල්ලසට දුෂණයට විරුද්ධව ලොකු හඩක් රට පුරා තිබුණු බවත් එය මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කල බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ පවතී ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා කියාසිටියේ “පසුගිය පළාත් පාලන මැතිවරණය මේ ආණ්ඩුවට විරුද්ධව ලැබුණු ජනමතයක් විදියටයි අපිට තේරුම් ගන්න සිදුවන්නේ,එහිදී බහුතර ජනතාව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යන ගමන වැරදි බව තීරණය කරලා තියනවා

යහපාලන ආණ්ඩුවට මිනිස්සු ඡන්දය දුන්නේ අල්ලස්,වංචාව,හොරකම,දුෂණය තුරන් කරන්න.නමුත් මේ ආණ්ඩුවෙන් ඒ ජනතාව වෙනුවෙන් සාධාරණය කලේ නැහැ.ඒ වෙනුවට අලුත් විදියකින් හොරකම,වංචාව නීතිගත වුන එකයි වුනේ.අපි එදත් හොරකමට විරුද්ධව සටන් කළා,අදත් ඒ සටන කරනවා” ඒ මහතා පැවසිය.

තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,

“අද බලන්න මේ ආණ්ඩුව කැබිනට් සංශෝධනයක් ගෙනාවා,එක ගෙනත් අවුලක් වෙනුවට අවුල් ජාලයක් නිර්මාණය කළා, අද ඇමතිවරු කියනවා මට එපා මේ ඇමතිකම, මට ඕනේ අර ඇමතිකම කියල.මේ මොන ආණ්ඩු කිරීමක්ද, ඉතිහාසයේ කවද්ද මෙහෙම ආණ්ඩු කෙරුවේ

ජනතාව මහා බැංකු වංචාවට විරුද්ධව ලොකු හඩක් නැගුවා, මේ රටේ සිවිල් සංවිධාන, විද්වතුන් හා නිදහස් මත දරන පුරවැසියෝ මාධ්‍යවේදීන් සියලු දෙනා කිව්වා ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම හොරකම මහා බැංකු වංචාවට දඩුවම් දෙන්න කියල.මේ සම්බන්දයෙන් ජනාධිපති කොමිෂම වැරදි කරුවන් පෙන්වා දුන්නා, නමුත් අද මහා බැංකු වංචාවේ මහමොලකරුවන්ට නිතිය භාරදීලා දැන් හොරු අල්ලන්න කමිටු පත්කරනවා.ගමේ මිනිහෙක් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් කැඩුවට දඩ ගහනවා, හිරේ දානවා.කොන්ඩ කටුවකින් සීගිරියේ චිත්‍රයක් හුරපු ළමයට සිර දඩුවම් දුන්නා.එහෙම රටේ මහා බැංකුව කඩපු මිනිසුන්ට දඩුවමක් නැහැ

අර්ජුන මහේන්ද්‍රන්ට රටෙන් පැනල යන්න ඉඩ දුන්නා, අද ඔහු සිංගප්පුරුවෙත් නෑ කියනවා.අධිකරණය යවපු සිතාසිය අයෙ හරවල එවනවා.මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ ගමේ ඉන්න පුංචි මිනිස්සුන්ට විතරද කියන ප්‍රශ්නය දැන් හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් බවට පත්වෙලා

අගමැතිවරයාට මේ බැදුම්කර වංචාවේ ප්‍රධාන චෝදනාවක් එල්ල වුනා.ඔහු තමයි අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකු අධිපති විදියට පත් කරන්න කියලා නිර්දේශ කළේ.අද නිතිය භාර ඇමති අගමැතිවරයා දැන් ඔහුට පුළුවන් වෙන්න ඕනේ තමාගේ මිත්‍රයා ලංකාවට ගෙන්නලා නිතිය ඉදිරියට යොමු කරන්න.නමුත් අපි විශ්වාස කරන්නැහැ එක එහෙම වෙයි කියලා

ජනාධිපති තුමාටත් අපි කියන්න ඕනේ ජනතාව පසුගිය මැතිවරණයේදී ලැබුණු ජනවරමට අනුව අපිට පෙන්නේ ජනතාව කිව්වේ අගමැති මහබැංකු වංචාව සම්බන්දයෙන් චෝදනාවට ලක්වෙලා ඔහු ඉවත් කරන්න කියලා, නමුත් අද ඔහුට පොලිසිය භාරදීලා ජනතාවගේ විශ්වාසය නැති කෙනෙක්ට පොලිසිය භාර දීම අපිට අනුමත කරන්න බැහැ.මේ වෙන දේවල් වල හැටියට යහපාලනය ගෙනත් ජනතාව මේ රටේ පුරවැසියෝ බලාපොරොත්තු වුන අපමණ අගය මේ රටට හා ජනතාවට දෙන්න පුළුවන් කියල අපි හිතන්නැහැ”

– කේ.ටී.දර්ශන

Tuesday, February 27, 2018

අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි !

Tuesday, February 27, 2018
අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි !
අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බලා සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු එසේ ජනපතිවරයා මුණ ගැසීමට බලා සිට ඇත්තේ පසුගිය 25 වැනිදා

වාහන ගෙන්වීමේ නව නීති රථ වාහන කර්මාන්තය අවුල් කරලා !

Tuesday, February 27, 2018
වාහන ගෙන්වීමේ නව නීති රථ වාහන කර්මාන්තය අවුල් කරලා !
අලුතින් ගෙන්වන වාහන සඳහා යුරෝ 4 එන්ජින් සහ නවතම ආරක්ෂිත උපාංග හඳුන්වා දීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට රථවාහන කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ලව ඇතැයි වාර්තා වේ.

අය වැය හරහා ඉදිරිපත් කළ මෙම වෙනස්කම් පිළිගන්නා නමුත්, විශේෂයෙන් යුරෝ 4ට වැඩි විමෝචන එන්ජින්වලට පමණක් අනුමැතිය

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

Tuesday, February 27, 2018
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම

ප්‍රබල ඇමති 5කගේ STF ආරක්ෂාව ඉවතට !

Tuesday, February 27, 2018
ප්‍රබල ඇමති 5කගේ STF ආරක්ෂාව ඉවතට !
ප්‍රබල අමාත්‍යවරු පස්දෙනෙකුට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත්කර තිබේ.

සාගල රත්නායක, පියසේන ගමගේ, පී.දිගම්බරන්, රවුෆ් හකීම් හා මනෝ

අලි පැටවුන් මුදාහැරියේ නැති නිසා ගාමිණි ජයවික්‍රමව ඇමතිකමෙන් දොට්ට දාලා !

Tuesday, February 27, 2018
අලි පැටවුන් මුදාහැරියේ නැති නිසා ගාමිණි ජයවික්‍රමව ඇමතිකමෙන් දොට්ට දාලා !
අත්අඩංගුවේ සිටින බලපත්‍ර නොමැති අලි පැටවුන් මුදාහරින ලෙස ඉහළින් ලැබුණු නියෝගවලට අවනත නොවීම නිසා වනජීවි අමාත්‍ය ධූරය තමන්ගෙන් ඉවත්කර ඇතැයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. බලපත්‍ර නොමැතිව සහ ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍ර සහිතව සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් අලි වැටවුන් හතළිහක් මේ වනවිට

රාජ්‍ය බැංකු 6කට ඇමැති ගැටුමක්

Tuesday, February 27, 2018
රාජ්‍ය බැංකු 6කට ඇමැති ගැටුමක්

‍දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාලනය යළි වෙනස් කරන්න හදනවා

Tuesday, February 27, 2018
‍දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාලනය යළි වෙනස් කරන්න හදනවා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාරිපාලන කටයුතු යළිත් වෙනස් කිරීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේ මීට පෙර රජයන් ද එවැනි ක‍්‍රියාමර්ග ගැනීමට උත්සාහ කළ බවයි.

මුදල් අමාත්‍යාංශයේ විශේෂ අධීක්ෂණය යටතේ කළමනාකරණ භාරයක්

යුද හමුදාපති බ්‍රිගේඩියර් ප්‍රියංකට දුන්නු සහතිකය

Tuesday, February 27, 2018
යුද හමුදාපති බ්‍රිගේඩියර් ප්‍රියංකට දුන්නු සහතිකය
බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියදී ඉකුත් දා ශී‍්‍ර ලංකාවට කැඳවු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ඊයේ (26) යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී තිබෙනවා.

යුධ හමුදාපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක

රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..

Tuesday, February 27, 2018
රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..
එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක්

Monday, February 26, 2018

දණගැස්වූ ගුරුවරියගෙන් චාමර සම්පත් මිලියන 500ක් ඉල්ලයි

Monday, February 26, 2018
දණගැස්වූ ගුරුවරියගෙන් චාමර සම්පත් මිලියන 500ක් ඉල්ලයි
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් දණගැස්වීමේ සිදුවීමෙන් පීඩාවට පත්වූ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන

"මාව ලංකාවට ගෙන්වා ගන්න" - ලෙබනනයේ රැකියාවට ගිය මාලනිගේ දෙපා කපා දැමීමට නියම කරලා

Monday, February 26, 2018
"මාව ලංකාවට ගෙන්වා ගන්න" - ලෙබනනයේ රැකියාවට ගිය මාලනිගේ දෙපා කපා දැමීමට නියම කරලා
ගෘහ සේවිකාවක් ලෙස ලෙබනනයේ රැකියාවකට ගොස් සිටින මා දැනට දෙපාවල රෝගයක් වැලඳීමෙන් මිතුරියන් දෙදෙනකුගේ නවාතැන්පළක එක්තැන්වී සිටින අතර මෙහි රෝහල්වල වෛද්‍යවරුන් මගේ කකුල් දෙකම කපා ඉවත් කළ යුතු යැයි තීරණයක් කර තිබෙන නිසා මා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. මේ ආයාචනය කරනු ලබන්නේ, ලෙබනනයේ ගෘහ සේවිකාවක් ලෙස ගොස් දැනට

ඇමති සුසිල් ඩබල් ගේමක.

Monday, February 26, 2018
ඇමති සුසිල් ඩබල් ගේමක.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා උත්සාහ කළ අතර ඒ සඳහා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල විය. නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධූරයට පත් කළයුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ඒ සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළේ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයාය.

මහින්ද පාර්ශ්වයේ සහාය ලබාගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

Monday, February 26, 2018
උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තු අත ඇතිව  රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා  අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර්

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි

Monday, February 26, 2018
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි
දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

ඉකුත් සිකුරාදා දිනයේද ඔහුට පැමිණෙන ලෙස විදේශ කටයුතු

විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

Monday, February 26, 2018
විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..
තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද

පැය කිහිපයක් තුළ දුන් දිවුරුම වෙනස් වෙයි

Monday, February 26, 2018
පැය කිහිපයක් තුළ දුන් දිවුරුම වෙනස් වෙයි
නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරාගේ විෂය පථය වෙනස් වනු ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් අද (26) දිනයේ විදුලි බල හා පුණර්ජනනීය

Sunday, February 25, 2018

වෙනස්කම්සිදු කළ කැබිනට් මණ්ඩලයේ කෙටි දිවුරුම් දීම අදට අවසන්

Sunday, February 25, 2018
වෙනස්කම්සිදු කළ කැබිනට් මණ්ඩලයේ කෙටි දිවුරුම් දීම අදට අවසන්
අද 25 පෙරවරුවේ කැබිනට් සංශෝධනය නව දිවුරුම් දීම පළමු අදියර ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.
ඒ අනුව එජාපය  පැවති අැමති තනතුරු 10 ක් පමණ එකිනෙක හුවමාරු කිරීම් පමණක් සිදුවූ අතර ශ්‍රීලනිප යටතේ පැවති ඇමති ධූර ඉදිරි සති දෙක තුළ වෙනස් කරන බව දන්වා තිබේ.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක?

Sunday, February 25, 2018
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක?
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාන ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා ආණ්ඩුවෙන් ඉවත් වන බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා

තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…

Sunday, February 25, 2018
තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…
ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද සුමතිපාල

කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු

Sunday, February 25, 2018
කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු
දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම අද (25) සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විශය පථයන්ද

ඇමති මණ්ඩලය වෙනස්වෙන හැටි

Sunday, February 25, 2018
ඇමති මණ්ඩලය වෙනස්වෙන හැටි
කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

පෙරවරු 11ට සියලු ඇමතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත

2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..

Sunday, February 25, 2018
2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..
කෝටි 50ක් වටිනා සුපිරි මන්දිරයක් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ඇමතිවරයා විසින් ඒ සදහා ඉදිරිපත් කර ඇති මිල මට්ටම අදාල දේපල

Saturday, February 24, 2018

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !

Saturday, February 24, 2018
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(24) වව්නියාව, වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ

සුසිල් ඇමතිකම් නොගනියි !

Saturday, February 24, 2018
සුසිල් ඇමතිකම් නොගනියි !
යහ පාලන ආණ්ඩුවේ හෙට (25) පැවැත්වෙන දෙවැනි කැබිනට් සංශෝධනයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරයක් නොගැනීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරන ආණ්ඩුවක

ඇමති මණ්ඩලයේ ගණන කීයද? මෙන්න නීතිය

Saturday, February 24, 2018
ඇමති මණ්ඩලයේ ගණන කීයද? මෙන්න නීතිය
යෝජිත කැබිනට් සංශෝධනය දේශපාලන වේදිකාවේ මේ දිනවල කතාබහට ලක්වන ප‍්‍රධාන මාතෘකාවයි. හෙට (25) පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියාසිිටිනවා. කෙසේවෙතත් අමාත්‍ය ධුර හිමිවන තැනැත්තන් සහ ඔවුන්ට ලැබෙන විෂයන් පිළිබද තවමත් ඇත්තේ තහවුරු නොකළ තොරතුරු පමණයි. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන සහ කැබිනට් නොවන හෝ

ප්‍රබල මැති ඇමැති තිදෙනෙක් CID යට

Saturday, February 24, 2018
ප්‍රබල මැති ඇමැති තිදෙනෙක් CID යට
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් තිදෙනකු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් දෙදෙනකු දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අය වන

ගෝටාභයගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

Saturday, February 24, 2018
ගෝටාභයගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගැනීම සඳහා 'ඇවන්ගාඩ්' සමාගමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසක් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ

අර්ජුන් සහ පලිසේන බන්ධනාගාර රෝහලට

Saturday, February 24, 2018
අර්ජුන් සහ පලිසේන බන්ධනාගාර රෝහලට
ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේයි. මේ වනවිට ඔවුන්

විජේදාසටත් ඇමතිකමක්

Saturday, February 24, 2018
විජේදාසටත් ඇමතිකමක්
හෙට සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේ දී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට ද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඉකුත් සතියේ දිනෙක විජයදාස රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදු වී ඇතැයි ද සඳහන්.

විජයදාස රාජපක්ෂ මීට පෙර යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ

පූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

Saturday, February 24, 2018
පූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදු කෙරෙයි.

ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර ඇති  අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිගේ ශ්‍රී දේහය අද පස්වරු 2.00ට අනුරාධපුර

ඇමති තනතුරු බෙදෙන්නේ මෙහෙමලු

Saturday, February 24, 2018
ඇමති තනතුරු බෙදෙන්නේ මෙහෙමලු
යෝජිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ කිහිපයක සුහද මාරු සිදු වීමටද නියමිතව තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට

රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක් සම්මතයි.. ඉවත් නොවුනොත් සියළු ආසන සංවිධායකයන් අස්වෙති..

Saturday, February 24, 2018
රනිල් නෙරපන්න එජාපයේ යෝජනාවක් සම්මතයි.. ඉවත් නොවුනොත් සියළු ආසන සංවිධායකයන් අස්වෙති..
එක්සත් ජාතික පක්ෂයේ තරුණ සහ රැඩිකල් මන්ත්‍රීවරුන් විසින් පසුගිය දිනකදී සිරිකොත පැවති රැස්වීමකදි බහුතරයේ කැමැත්ත මත සම්මත කරගනු ලැබුවේ මසක් ඇතුලත පක්ෂයේ නායකත්වය ඇතුළු ඉහළ තනතුරු රැසක් ස්ථිර වශයෙන් වෙනස් විය යුතු අතර එසේ සිදු

Thursday, February 22, 2018

නාමල්ගේ රට යාමේ තහනම තාවකාලිකව අත්හිටුවයි

Thursday, February 22, 2018
නාමල්ගේ රට යාමේ තහනම තාවකාලිකව අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා  තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ පවතින

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

Thursday, February 22, 2018
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අමාරි විජේවර්ධන මහත්මිය ලබන මාර්තු 30 වැනිදායින් සිට සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇතැයි

උදයංගට රතු වරෙන්තුවක් ගනියි : අරන් එන්න FCID ය ඩුබායි යයි

Thursday, February 22, 2018
උදයංගට රතු වරෙන්තුවක් ගනියි : අරන් එන්න FCID ය ඩුබායි යයි
ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නොවුණ හෙයින් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව නොලැබුණ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඔහු රැගෙනඒමට නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඩුබායි වෙත ගොස් තිබේ.

පෙරේදා (20) ඩුබායි බලා මෙසේ පිටත්ව ගොස් ඇත්තේ

බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..

Thursday, February 22, 2018
බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..
මුලතිව් රෝහල විනාශ කළ බවට දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මෙම සාවද්‍ය වාර්තාව ලන්ඩන් නුවරදී කොටින්ට තර්ජනය කළ බවට

චැනල්නැති ක්‍රිකට් ආයතනයේ චැනල් හෙඩ් ඉල්ලා අස්වෙයි !

Thursday, February 22, 2018
චැනල්නැති ක්‍රිකට් ආයතනයේ චැනල් හෙඩ් ඉල්ලා අස්වෙයි !
රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන් විදුලි නාලිකාවකට හිමිකම් නොකියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාලිකා ප්‍රධානී ලෙස බඳවාගෙන සිටි කමල් දේශප්‍රිය මහතා ලබන 28 වැනිදා සිට ඉන් ඉවත්වීමට ඉල්ලා අස්වීම ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික්‍රමරත්න මහතා සමඟ

'සයිටම්' සිසු -සිසුවියන් කොතලාවල ආරක්ෂක පිඨයට

Thursday, February 22, 2018
'සයිටම්' සිසු -සිසුවියන් කොතලාවල ආරක්ෂක පිඨයට
'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට ඊයේ (පෙබ 21) තීරණය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම්

දියතලාව බස් පිපිරීම කොටි හිතවාදීන් බාරගනී.. ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ තර්ජනයට ප‍්‍රතිචාර දැක්වූවා කියමින් නිවේදනයක්..

Thursday, February 22, 2018
දියතලාව බස් පිපිරීම කොටි හිතවාදීන් බාරගනී.. ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ තර්ජනයට ප‍්‍රතිචාර දැක්වූවා කියමින් නිවේදනයක්..
දියතලාව සිට හෙබරව දක්වා ගමන් ගත් බස් රථයක සිදුවූ පිපිරීමේ වගකීම තමන් විසින් බාර ගන්නා බවට ‘දෙමල ඊළමේ සටන්කරුවෝ’ නම් සංවිධානය විසින් නිකුත් කල බව කියන නිවේදනයක් සමාජ ජාලාවන්හි සැරිසරමින් තිබේ.

පසුගිය නිදහස් දිනය දා බ‍්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී

"ජාතික ආණ්ඩුව" තවදුරටත් පවතින බවට සහතිකයක්

Thursday, February 22, 2018
"ජාතික ආණ්ඩුව" තවදුරටත් පවතින බවට සහතිකයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවා ගන්නා ලද "ජාතික ආණ්ඩුව" තවදුරටත් පවතින බව ඊයේ (පෙබ. 21) පාර්ලිමේන්තුවට දැනුම් දුණි.

එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ

Wednesday, February 21, 2018

උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි

Wednesday, February 21, 2018
උදයංග අත්අඩංගුවට ගැනීමට යළිත් පිරිසක් යයි
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ (20) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

වීරතුංග මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා ගත්

ඊයේ පාර්ලිමේන්තුවේ වියදම මිලියන 8යි !

Wednesday, February 21, 2018
ඊයේ පාර්ලිමේන්තුවේ වියදම මිලියන 8යි !
බැඳුම්කර විවාදය නොපැවැත්වී සභාවේ කටයුතු විනාඩි 40කට සීමා වුවද ඊයේ (20) පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් වැයකෙරුණු මුදල රැපියල් ලක්ෂ 80කට ආසන්න යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ එම විවාදය නොපැවැත්වුණද මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, බන්ධන

හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක් 19 ක් රෝහලේ

Wednesday, February 21, 2018
හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක් 19 ක් රෝහලේ
අද (21) අලුයම යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම පිපිරී ගිනි ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ දී 'මරණීය' ඉඟිපෑ බ්‍රිගේඩියර් යළි දිවයිනට

Wednesday, February 21, 2018
බ්‍රිතාන්‍යයේ දී 'මරණීය' ඉඟිපෑ බ්‍රිගේඩියර් යළි දිවයිනට
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට

A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි

Wednesday, February 21, 2018
A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි
පාසල්වල අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (20) අත්හිටවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින