හොරු අල්ලන හැටි ගැන ප්‍රවීණ ගායක සුනිල්ගෙන් විග්‍රහයක්

හොරු අල්ලන හැටි හා එම හොරුන්ට දඬුවමක් කළ හැකි ආකාරය ගැන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පැහැදිලි කරයි.

ඒ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“වැරදි කරපු උදවියට මොන හේතුවක් මත හෝ කවුරුන් කරනවාද
දන්නේ නැහැ දඬුවම් දෙන එක නතර වෙලා තියෙනවා. කිසිමදේක කිසිම කෙනෙක්ට දඬුවම්  කෙරුවේ නැහැ. අවුරුදු 70ක් මේ රට පාලනය කළා පක්ෂ 2ක්. ලඟදි ඕගොල්ලෝ දැක්කද දන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ අගමැතිතුමා ඔයිට ඉස්සෙල්ලත් එයාව චාජ් කරලා තිබුණා සිට් බෙල්ට් එක දැම්මේ නැහැ කියලා. ඔන්න ගිය සතියේ චාජ් කරලා තියෙනවා, දඩයක් දීලා තියෙනවා, බෝට්ටුවට නැගලා ලයිෆ් ජැකට් එක දාන්නේ නැතුව. එහෙ සිස්ටම් එකක් තියෙනවා. අගමැතිතුමා වුණත් එහිදී වැරද්දක් කරලා තියෙනවා නම් ඒ දඬුවම ඒක ගෙවන්න ඕනේ. මේ රටවල්වල එහෙම නැහැ. මේගොල්ලෝ ධර්ම ටෝක්මයි දෙන්නේ. ඒ පට්ටපල් හොරුන්ගේ හැටි. ඉස්සෙල්ලාම උඩම ඉන්න උදවියට දඬුවම් කරලා පහළට එන්න පුළුවන්. පහළ ඉදන් දඬුවම් කරගෙන උඩට යන්න බැහැ. ඉස්සෙල්ලම පෙන්නන්න ලොකු උදවියට දඬුවම් කළා දැන් උඹලටත් වෙන්නේ මේකයි කියලා.”



Share:

Advertisement

gossip lanka

Advertisement