ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, January 6, 2018

ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ ගම්පහදී පැවති උත්සවයකික්
පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සිදු විය නොයුතු බවද ඔහු එහිදී කීය.

එම පක්‍ෂ දෙක එක්වීම යනු නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවද සදහන් කරයි.

එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.