දීර්ඝකාලයකට වැසි නොලැබෙන බවට යළිත් කාලගුණයෙන් අනාවැකියක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, January 2, 2018

දීර්ඝකාලයකට වැසි නොලැබෙන බවට යළිත් කාලගුණයෙන් අනාවැකියක්

සාමාන්‍ය තත්ත්වය යටතේ එළඹෙන මාස දෙකක කාලය තුළ වැසි අපේක්‍ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා
පැවසුවේ මාර්තු මස අවසානයේ දී පමණ අන්තර් මෝසම් වැසි අපේක්‍ෂා කළ යුතු බවයි.

ජනවාරි, පෙබරවාරි මාසය තුළ සාමාන්‍ය තත්ත්වයන් ගතහොත්, යම් විශේෂ තත්ත්වයක් ඇති වූයේ නැත්නම් ඒ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයන් තුළ ලොකු වැස්සක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. පොඩි පොඩි වැසි තමයි ඇති වෙන්නේ. මාර්තු අප්‍රේල් අතරදී අන්තර් මෝසමේ වැසි ලැබෙනවා. ඊට පස්සේ මැයි මාසයේ 25 වනදා වන විට නිරිත දිග මෝසමෙන් වැසි ලැබනෙවා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ගතහොත් අපිට මැයි 25 තමයි නිරිත දිග මෝසම ස්ථාපිත වෙන්න නියමිත කාලය වන්නේ. නැවතත් දෙවන අන්තර් මෝසම් වැසි පටන් ගන්නවා ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී. මේ විදිහට තමයි අපට වැසි ලැබෙන්නේ.