නීති විරෝධීව පොලිතීන් නිෂ්පාදනය කරන ස්ථාන අද සිට වැටලීමට පියවර

නීති විරෝධී ලෙස පොලිතීන් නිෂ්පාදන සිදුකරන ආයතන මෙන්ම අලෙවි කරන ස්ථාන වැටලීම් අද සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පොලිතීන් නිෂ්පාදන තහනම පසුගිය දෙසැම්බර් 31 වනදා දක්වා ලිහිල්
කර තිබූ අතර ජනවාරි පළමු වනදා සිට යලි පොලිතීන් භාවිතයට අදාළ තහනම බලාත්මක කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේ සිට අදාළ වැටලීම් ආරම්භ කරන බව  මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා කියා සිටියා.

Share:

Advertisement

gossip lanka

Advertisement