මැතිවරණ කොමිසම සහ නීතිපති අතර සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා අතර, විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

මැතිවරණයට අදාළව මතුව ඇති නීතිමය කරුණු කිහිපයක්
සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ නාම ලේඛනය සහතික කිරීම ද අද සිදු කෙරෙනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 11 වන දා සිදු කෙරෙනු ඇති.

මේ අතර, පෙබරවාරි 10 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිද්ධින් 217 ක් පැෆරල් සංවිධානය වෙත ලැබී ඇති බව සඳහන්.

එම සංවිධානය සඳහන් කළේ මැතිවරණ නිති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 259 ක් ද වාර්තා වී ඇති බවයි.

Share:

Advertisement

gossip lanka

Advertisement