බැඳුම්කර වාර්තාවේ ඉංග්‍රීසි පිටපත අන්තර්ජාලයට

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.

දැනගන්නට ඇති අන්දමට එසේ පළ කරන්නට යන්නේ එම වාර්තාවේ ඉංගී්‍රසි පිටපතය.

කොමිෂන් වාර්තාව පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණත් කර තිබෙන ඉල්ලීම අනුව පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන ලෙසට අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාට ඉදිරියේදී දැනුම්දෙන බව ඊයේ කැම්බල් පිටියේ පැවැති එජාප විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ විය.

කතානායකවරයා ප්‍රකාශ කර තිබුණේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමේ බලය තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාට බවයි.

Share:

Advertisement

gossip lanka

Advertisement