රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය අද - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, January 3, 2018

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය අද

ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙණුවට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (03) විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අදාළ කොමිසමේ සාමාජිකයින් විසින් ඉකුත් 30 වැනිදා මෙම වාර්තාව
ජනාධිපතිවරයා වෙත භාරදුන්නා. පිටු දහසකට වැඩි සංඛ්‍යාවකින් එය සමන්විතයි.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සඳහා ඉකුත් වසරේ ජනවාරි මස 27 වන දින ජනාධිපතිවරයා විසින් අදාළ කොමිසම පත් කරනු ලැබුවා. එහි නිල කාලය අවස්ථා 4 කදි දීර්ඝ කෙරුණු අතර බොහෝ පිරිසක් එහිදී සාක්‍ෂි ලබාදුන්නා.

මෙහිදි විමර්ශනය කෙරුණේ 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ බැදුම්කර නිකුතුව පිළිබඳවයි. ඒ පිළිබදව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ විගණන වාර්තාවක සඳහන් වුයේ බැදුම්කර නිකුතුවේදී රජයට සිදුව ඇති රුපියල් බිලියන 1.6 ක පාඩුව වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද විමර්ශනයක් සිදුකළේ අදාළ විගණන වාර්තාව පදනම් කර ගනිමින්. ජනාධිපතිවරයා මෙම ජනාධිපති කොමිසම පත් කළේ ඉන් පසුවයි. එහි පළමු රැස්වීම පෙබරවාරි 6 වැනිදා සිදුවුණා. කොමිසම සාක්‍ෂි විභාග කළ දින ගණන 123 ක්.

වත්මන් මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ හිටපු මහබැංකු අධිපතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා. එමෙන්ම බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධ වූ පර්පචුවල් ටෙ‍්‍රසරිස් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන්ද කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්‍ෂි ලබාදුන්නා.

එම සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අවස්ථා රැසකදී මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීම සිදු කළා. හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙන්ම කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ද කොමිසම හමුවේ පෙනී සිටි පිරිසට අයත්. අගමැතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේද බැඳුම්කර කොමිසමේදී අනාවරණ වූ සාක්‍ෂි පදනම් කර ගනිමින්. එම විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියාසිටියේ ද කොමිසමේ වාර්තාවේ ඇති කිසිඳු කරුණක් සැඟවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නොවන බවයි.

ජනාධිපතිවරයා අද දිනයේදී අදාළ වාර්තාව පදනම් කර ගනිමින් සිදුකරන ප‍්‍රකාශය ඉතා වැදගත් එකක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.