ජ.වි.පෙ. බස්නාහිර මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, January 5, 2018

ජ.වි.පෙ. බස්නාහිර මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රි කාලයේ දී එම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක්
හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලමින් ඔහු ඊයේ රාත්‍රියේ පොලිස් ස්ථානයට පැමිණ තිබූ බව සඳහන්.

එහිදී එම ඉල්ලීම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව වැඩබලන ස්ථානාධිපතිවරයාට ඔහු තර්ජනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.