බැඳුම්කරයේ තොරතුරු ඉල්ලා ජවිපෙ අද ජනපති කාර්යාලයට

මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ලබාගැනීමට තම පක්‍ෂය අද (2දා) ජනාධිපති ලේකම් කාර්යාලයට යන බව ජවිපෙ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ
ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන බවද මන්ත්‍රිවරයා කීය.

දිසානායක මහතා පැවැසුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ වාර්තාවට අමතරව මීට පෙර බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවල තොරතුරුද එහිදී ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවය.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල යන අය සහභාගි වීමට නියමිතය.


Share:

Advertisement

gossip lanka

Advertisement