සුවසැරියේ දෙවන අදියරට මුල පිරීම අද - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, January 3, 2018

සුවසැරියේ දෙවන අදියරට මුල පිරීම අද

සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ දෙවන අදියර සඳහා වු එකඟතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කිරීමට නියමිතයි.

අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග්‍රමාත්‍ය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි එය සිදුකිරීමට නියමිත බවයි.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතා විසින් අදාල ගිවිසුම සඳහා අත්සන් තැබිමට නියමිතයි.

දෙවන අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රධානයන් සහිත ගිලන් රථ 209ක් ලැබෙනු ඇති.

මෙම ගිලන් රථ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සේවය සඳහා යෙදවිමට නියමිතයි.

පළමු අදියර යටතේ ලබා ගනු ලැබු ගිලන් රථ 88ක් බස්නාහිර සහ දකුණ පළාත් සඳහා යොදවා තිබෙනවා.

1990 යන ක්ෂණික ඇමතුම් ඔස්සේ සුව සැරිය සේවාව ජනතාවට නොමිලේ ලබා ගත හැකියි.