විමල්ගේ නඩුව කල්යයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, December 11, 2017

විමල්ගේ නඩුව කල්යයි

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයා මෙරටට පැමිණිමට විරෝධය පළ කරමින් මහජන පීඩා ඇතිවන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

කුරුඳුවත්ත පොලීසිය විසින් අදාළ නඩුව පවරා ඇති අතර නඩුවේ පළමු සැකකරු වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි නිව්ස්24 වාර්තාකරු සඳහන් කළේ.

නඩුව යළි ලබන මාර්තු 19 වන දින දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරුවන් හත් දෙනාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කුරුඳුවත්ත පොලීසියට නියෝග කළා.