යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්‌කොට මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ "ස්‌විස් කුමාර්" නිදහස් කළ උප පොලිස් පරීක්‌ෂකවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කයිට්‌ස් දිසා විනිසුරු එම්. රියාස් මහතා ඊයේ (5දා) නියෝග කළේය.
විනිසුරුවරයා මෙම නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගෙන නිදහස් කළ උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව පවතින නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදීය.
මෙම නඩු විභාගයේ සාක්‌ෂිවලට අනුව ප්‍රකාශ වී ඇත්තේ "ස්‌විස් කුමාර් ඇතුළු සැකකරුවන් හය දෙනකු කයිට්‌ස් පොලිසියට රැගෙන එන ලද අවස්‌ථාවේදී ශ්‍රී ගජන් නමැති උපපොලිස් පරීක්‌ෂකවරයා පැමිණ ඔහුව යාපනය පොලිසිය වෙත රැගෙන ගොස් එහිදී "ස්‌විස් කුමාර්" හා තවත් අයකු නිදහස් කොට අනෙක් හතර දෙනා රිමාන්ඩ් කළ බවයි. මෙසේ කරන ලද්දේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ උපදෙස් මත බව යාපනය මහාධිකරණයේදී ප්‍රකාශ වීම නිසා නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර ඇත.
එසේ නියෝගයක් හෝ අණ කිරීමක් හෝ නොකළ බවත් "ස්‌විස් කුමාර්" මුදා හැරීමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා අධිකරණයට පවසා ඇත. නමුත් එම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරික්‌ෂකවරයා විද්‍යා දැරියගේ නඩුව විභාග වෙමින් පවතින කාලයේදීම හදිසියේ අතුරුදන් වූ අතර එම අතුරුදන් වීමටද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සම්බන්ධ බවට යාපනය මහාධිකරණයේදී හෙළිවිය.
ශ්‍රී ගජන් නමැති උප පොලිස් පරීක්‌ෂකවරයා මෙම සිද්ධියට සම්බන්ධ බව හෙළිවීමෙන් පසුව ජුලි මාසයේදී යාපනයට ගිය පූජිත් ජයසුන්දර පොලිස්‌පතිවරයා විසින් ඔහුගේ සේවය අත්හිටුවනු ලැබීය.
දිනසේන රතුගමගේ
Wednesday, December 6, 2017
විද්‍යා දැරියගේ ඝාතකයා මුදාහල එස්. අයි අල්ලන්න නියෝග
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide