ගැසට් නිවේදනය මූලික අයිතිවාසකම් උල්ලංඝනය කිරීමක් - වර්ජනය අඛණ්ඩව - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 9, 2017

ගැසට් නිවේදනය මූලික අයිතිවාසකම් උල්ලංඝනය කිරීමක් - වර්ජනය අඛණ්ඩව

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසනවා. වැඩිදුරටත් ඔහු කියා සිටියේ රජය යම් අයුරකින් වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා පියවර ගතහොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු
සංවිධානයට පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි. එසේම තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනතුරු සේවයට වාර්තා නොකරන බවද ඔහු කියා සිටියා.
පසුගිය බ්‍රහස්පතින්දා (07) මධ්‍යම රාත්‍රී ආරම්භ කළ දුම්රිය සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළදීම දුම්රිය ධාවනය බාධා එල්ල වූවා.

මේ අතර අලුයම අනුරාධපුර සහ යාපනය බලා ධාවනය වීමට නියමිතව තිබූ වායුසමන කළ දුම්රියේ සහ උදෑසන 7ට මහනුවර බලා ගමන් ඇරඹීමට නියමිත නගරාන්තර දුම්රියේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් මගීන් වෙනුවෙන් සුඛෝපභෝගි බස් යෙදීමට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. එසේම දුම්රිය සඳහා ආසන කලින් වෙන් කරවා ගත් සෙසු මගීන් ප්‍රවේශ පත් සඳහා ගෙවන ලද මුදල වැඩවර්ජනය නිමවීමෙන් පසුව ලබාගත හැකි බවද පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.