දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් - ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 9, 2017

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් - ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබෙනවා. දුම්රිය වර්ජකයන් සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡා ඊයේද (08) පැවැත්වුණු අතර එයද ආසර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.

ඒ අනුව දුම්රිය සේවාව අද පෙරවරුවේ සිට අත්‍යවශ්‍ය සේවාවක් වනවා.
දිගින් දිගටම ජනතාවට සිදුවන අසීරුතා සහ හිරිහැර අවම කර ගැනීමටත් දෛනික කටයුතු වළක්වා ගැනීමත් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.