ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකට සූදානම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Dec 28, 2017

ජපාන විදේශ ඇමති මෙරට සංචාරයකට සූදානම්

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ ලබන පස් වනදා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය නිරත වන්නේ වසර 15 කට පසුවයි.

සංචාරය අතරතුරදී ජපන් විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවීමට නියමිතයි.
එමෙන්ම ඔහු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.