කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය මේ වන විට ත්‍රීකුණාමලයේ සිට කිලෝමීටර් 990 ක් පමණ දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා
සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වනු ඇති බවයි.

ගොඩබිම ප්‍රදේශයට එහි බලපෑමක් නොවුණද උතුර, උතුරු මැද හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ මේ හේතුවෙන් අනතුරුදායක විය හැකි බව ද ඔහු කියා සිටියේය.

අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් පොතුවිල්, ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල අවදානම් තත්ත්වයක් මතුවිය හැකි අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වෙමින් සිටින පුද්ගලයින්ට බංග්ලාදේශය දෙසට ගමන් කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  උපදෙස් දී ඇත.

මේ අතර අද දිනයේ උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Share:

Advertisement

gossip lanka

Advertisement