ගල්ගමුවේ තනි දළයා සොයා ගැනෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Dec 23, 2017

ගල්ගමුවේ තනි දළයා සොයා ගැනෙයි

හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පලාගිය ඒකදන්ත හස්තියා හෙවත් ගල්ගමුවේ තනි දළයා සොයා ගෙන තිබෙනවා.

ඒ හොරොව්පතාන මොටබෝනෑව ප්‍රදේශයේ දී යි.

මේ වන විට ගල්ගමුවේ තනි දළයා සිටින ස්ථානය ආසන්නයට වනජීවී
නිලධාරීන් සහ පොලීසිය ළඟා වී ඇති බවයි වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ.

හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පසුගිය 21වනදා මෙම හස්තියා පලාගොස් තිබුණේ එහි ආරක්ෂක වැට ද කඩා දමමින්.

අනතුරුව පොලීසිය සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුම් සිදුකළ අතර, තනි දළයාට යොදවා තිබූ කර පටියේ සංඥා ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් සොයා ගැනීමට අපහසු වී තිබූ බවයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ.

ගල්ගමුවේ තනි දළයා මීට පෙර අවස්ථා තුනකදී පළා ගොස් තිබූ අතර වන ජිවී නිලධාරීන් විසින් අල්ලා රක්ෂිතයන්ට මුදා හරිනු ලැබුවා.

හෙක්ටයාර දහසක පමණ විශාලත්වයෙන් යුත් හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ තනි දළයා ඇතුලු අලි ඇතුන් 33ක් පමණ සිටින බව සදහන්.

මේ හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කණ්ඩායමක් ද පිටත්ව යෑමට නියමිත බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියා.

මේ අතර,හොරොව්පතාන, මොරවැව ප්‍රදේශයේදී අලියෙකුගේ පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ  පහරදීම සිදුව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සදහන්.

 පහරදීම හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පලාගිය ඒකදන්ත හස්තියා හෙවත් ගල්ගමුවේ තනි දළයා සිදු කර ඇති බවට පොලිසිය සැක කරනවා.

පහරදීම සම්බන්ධයෙන්  ප්‍රදේශවාසීන් පිරිසක් අනුරාධපුර හොරොව්පතාන - කප්ගොල්ලෑව මාර්ගය මොරවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටින අලි ඇතුන් නිරන්තරයෙන් ගම්වැදීම හේතුවෙන් තම ජීවිත අවධානමට ලක්ව ඇති බවයි.