විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව යළි ලබාදීමට රජය එකඟ වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 19, 2017

විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව යළි ලබාදීමට රජය එකඟ වෙයි

විදුලි සේවකයන්ගේ කප්පාදු කළ ප්‍රසාද දීමනාව යළි ලබාදීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඊයේ පස්වරුවේ අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන  මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, උපවාසයේ නියුතු විදුලි බල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණ සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් දැනුවත් කර නොමැති හෙයින් උපවාසය අඛන්ඩව සිදු කරන බවයි.