සාකච්චා අසාර්ථකයි - දුම්රිය වර්ජන අඛණ්ඩව - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 8, 2017

සාකච්චා අසාර්ථකයි - දුම්රිය වර්ජන අඛණ්ඩව

දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසීය.

කෙසේවෙතත් මගි ජනතාවට සිදුවන අපහසුතා ගැන සලකා අද
පස්වරුවේ දුම්රිය කිහිපයක් ධාවනය එක්කර බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය ශ්‍රේනි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයකට එක්වීමට නියමිත බව දුම්රිය ස්ථනාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රුවන් පතිරණ මහතා පැවසීය.

පවතින තත්වය අනුව දුම්රිය වර්ජනය අවසන් වනතුරු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට නොමිලේ ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ වල නොමිලේ යාමට අවස්ථාව ලබාදී ඇතිබව එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ටී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පැවසීය.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩවර්ජනය නිසා අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රියන් අවලංගු කර බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

දෛනික දුම්රිය ගමන් වාර 150 වැඩි සංඛ්‍යාවක් අද දිනයේ අවලංගු කිරීමට සිදුවූ බව එම මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.