ඇස්බැස්ටෝස් තහනම කල් යයි

ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති
කාර්යාලයයේදී ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය තීරණය කර තිබුණා.

ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නු ලබනවා.


Share:

Advertisement

gossip lanka

Advertisement