ශලීල මුණසිංහගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ශලීල මුණසිංහ මහතා ඉදිරිපත් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් අදාළ ඉල්ලීම
ඉදිරිපත් කර තිබූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

තායිවාන බැංකුවකින් වංචා සහගත ලෙස මුදල් හුවමාරු කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.



Share:

Advertisement

gossip lanka

Advertisement