හිටපු මන්ත්‍රීට 1000ක දඩයක්! නොගෙව්වොත් අවුරුද්දක් හිරේ

වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට රුපියල් 1000ක දඩයක් නියම කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් අද (07) මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ෙපාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකුව සිටියදී 2011 මාර්තු 31 වන දා සිට
2012 මාර්තු 31 වන දා දක්වා  වත්කම් බැරකම් හෙළි නොකිරීමට අපොහොසත් වීම නිසා අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් ඔහුට එරෙහිව මෙම නඩුව පනවා තිබුණා.

යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර තිබෙනවා.


Share:

Advertisement

gossip lanka

Advertisement