රුසියානු ශ්‍රී ලංකා මිතුදම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 26, 2017

රුසියානු ශ්‍රී ලංකා මිතුදම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආදර්ශමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් අතීතයේ සිට පැවති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෙරට තේ අපනයනයන් සඳහා රුසියාව පනවා තිබූ තහනම ඉවත් කර ගත් ආකාරය එම මිතුරුදම පිළිඹිබු කරන උදාහරණයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමේ තීරණයත් සමඟ සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.