එජාපයේ කොළඹ පුරපති අපේක්ෂකත්වය රෝසි සේනානායකට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 20, 2017

එජාපයේ කොළඹ පුරපති අපේක්ෂකත්වය රෝසි සේනානායකට

එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව කොළඹ මහ නගර
සභාව සඳහා පමණක් පුරපති අපේක්ෂකත්වය නම් කර ඇති අතර, අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණවලදී මහනගර සභා බොහෝමයක පුරපති ධුර අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.

රෝසි සේනානායක මහත්මිය අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානි තනතුරේද කටයුතු කරයි.

රෝසි සේනානායක මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට තිබුණද, මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අසමත් විය.