ජීවන වියදම සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට

ජීවන වියදම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංග මහතා  දැන් පාර්ලිමේන්තුවට විශේෂ  ප්‍රකාශයක් සිදු කරනවා.
ජනතාවට වගකිවයුතු ආණ්ඩුවක් ලෙස ජිවන වියදම පාලනයට ක්‍රියාමාර්ග ගන්නා බවයි අගමැතිවරයා පවසන්නේ.

රටට බලපෑ කාලගුණික තත්ත්ව මත ආහාර නිෂ්පාදනයේ දී අභියෝග රැසක් ඇතිවූ බවත් ලබන කන්නයේ දී සහල් නිෂ්පාදනය ඉහළ යනු  ඇති බවට පුරෝකතනය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා දන්වා සිටිනවා.
කෙසේ වෙතත් ඒ දක්වා සහල් මිල පාලනය සඳහා සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොල් සහ අර්තාපල් සම්බන්ධයෙන් ද මිල පාලනයට පියවර ගෙන තිබෙනවා.

දේශගුණය හමුවේ ආහාර නිෂ්පානය කෙරෙහි එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් කතිකාවක් මගින් ඊට විසදුම් සැකසිය යුතු බවටයි අගමැතිවරයා යෝජනා කරන්නේ.

Share:

Advertisement

gossip lanka

Advertisement