අද පස්වරුවේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 19, 2017

අද පස්වරුවේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි


නිරිතදිග මෝසම මේ වන විට දිවන ආශ්‍රිතව ස්ථාපිත වී ඇති බැවින් පස්වරු දෙකෙන් පමණ පසු බොහෝ ප්‍රදේශවල ගිගුරුම්  සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර උතුර මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ
පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිලීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ.

උතුර සහ මධ්‍යම පළාත්වල මෙන්ම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50 ඉක්මව තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.