ප්‍රදේශ රැසකට වැසි - දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 15, 2017

ප්‍රදේශ රැසකට වැසි - දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෙවී ගිය පැය කිහිපය තුළ මිලිමීටර් 75 ඉක්ම වූ වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට ලැබී ඇති බැවින් නාය යාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ
බවයි ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව, තවදුරටත් වර්ෂාව පවතින්නේ නම් නායයාම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරලීම්, පස්කන්ඩි කඩාවැටීම් සහ පොලොව ගිලාබැසීමේ අවදානම සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බව එම සංවිධානය කියා සිටියා.

මේ අතර, උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.