පොළොන්නරුවේ වැව් වල ජල මට්ටම ඉහළට

මේ දිනවල ඇද හැලෙන වැසි සමග පොළොන්නරුවේ වාරි ජලාශ වල ජල මට්ටම 51% ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසනවා.

ඒ අනුව, පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 81% ක් සහ
මින්නේරිය ජලාශයේ ජල මට්ටම 39% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කාර්යාලය කියා සිටියේ.

කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම 25% ක මට්ටමකට පැමිණ තිබෙනවා.

මෙම වර්ෂාවත් සමග කුඹුරු වලට ජලය ලබා දීම පිළිබඳව පැවති අර්බුදකාරී තත්ත්වය තරමක් දුරට පහව ගොස් ඇති බවයි පොළාන්නරුව කලාප වාර්මාර්ග කාර්යාලය පැවසුවේ.

Share:

Advertisement

gossip lanka

Advertisement