අපේක්ෂකයන්ගේ සහයට පාතාල කල්ලි 10ක් !

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට සහාය ලබාදීමට සැරසී සිටින ප්‍රධාන පාතාල කල්ලි දහයක් පිළිබඳ පාතාල මර්දන ඒකකයන් දැඩි සෝදිසියෙන් සිටින බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

විශේෂයෙන් කොළඹ සහ දකුණේ දේශපාලනඥයන්ගේ රැකවරණය
ලබන මේ පාතාල කල්ලිවල නායකයන් මැතිවරණ කාල සීමාවේ එළිබසී යැයි අනුමාන කරමින් ඔවුන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමටද පාතාල මර්දන ඒකක මේ වන විටත් කටයුතු යොදා තිබේ.

2015 වසරේ මහා මැතිවරණයේදී ද කොළඹ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ රැකවල් ලබන පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්දගේ කල්ලිය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළෙමින් සිටි පිරිසක් අතර සිටි පාතාල නායකයන් දෙදෙනකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් යන දෙදෙනා ඉලක්ක කර ගනිමින් සන්නද්ධ ප්‍රහාරයක්ද ක්‍රියාත්මක විණි.

මෙවර මැතිවරණයේදී ද පාතාල කල්ලි අතර ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතින හෙයින් පාතාල මර්දන ඒකකයන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය පාතාල කල්ලිවල හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටින බවද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

කොළඹ පාතාලය මෙහෙයවන දෙමටගොඩ චමින්ද, අංගොඩ ලොක්කාගේ කල්ලිය ඇතුළු පාතාල කල්ලි කීපයක් සහ දකුණේ පාතාලය මෙහෙයවන මාකඳුරේ මධූෂ්, කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක අම්බලන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන තවත් පාතාල කල්ලි කිහිපයක්ම විවිධ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට ලක ලෑස්ති වෙමින් සිටින බවට පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබේ.

(මව්බිම)


Share:

Advertisement

gossip lanka

Advertisement