මීරිගමදී අතුරුදන්වූ සිසුවා අනුරාධපුරෙන් හමුවෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 28, 2017

මීරිගමදී අතුරුදන්වූ සිසුවා අනුරාධපුරෙන් හමුවෙයි

මීරිගම නගරයේ පෙරහරක් බැලීමට ගොස් අතුරුදන් වූ සිසුවා අනුරාධපුර ප්‍රදේශයේ රැදී සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සොයා ගත් මෙම සිසුවා මේ වන විට මීරිගම පොලීසිය
වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ.

මිරීගම - හල්පෙ ප්‍රදේශයේ පදිංචි මෙම 14 හැවිරිදි පාසල් සිසුවා සිය ඥාති සහෝදරයෙකු සමඟ පෙරහර නැරඹීමට ගොස් තිබුණේ පසුගිය 24 වන දායි.

එහිදී ඔහු අතුරුදන් වී ඇති බවටයි පොලීසියට පැමිණීල්ලක් ලැබී තිබුණේ.

මෙම සිසුවා මීරිගම - කිතුල්වල - මුණිදාස කුමාරතුංග කණිටු විදුහලේ ඉගෙනුම ලබන බව සඳහන්.