නිදිගත් සිංහයන් එලි බහින දිනය ළගයි..- මර්වින් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 19, 2017

නිදිගත් සිංහයන් එලි බහින දිනය ළගයි..- මර්වින්

සංහිදියාව මුවාවෙන් විල්පත්තු වනාන්තර විනාශය පවතින රජයන්ගේ චන්ද ගුන්ඩුවක් යයි හිටපු ඇමති ශ්‍රී ලංකා ජනජය පක්ෂයේ නායක මර්වින් සිල්වා මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය
මෙසේය.

සංහිදියාව මුවාවෙන් විල්පත්තු වනාන්තර විනාශය, පවතින රජයන්ගේ චන්ද ගුන්ඩුවක්,

අලි මිනිස් ගැටුම් වාර්ථා කිරීම පවතින රජයන්ගේ අකටයුතුකමි මගහැරීමට පුවත් මැවීමක් පමණක් වෙලා……

විසදුම් දැන දැන ක්‍රියාමාර්ග නොගැනීම තවත් කොටසක මඩිය තරකර ගැනීමක්…..

කුමන පවතින රජයක, දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක රැකවරණයක් යටතේ මිනිස් උවමනාවන් සදහා පරිසරය විනාශ කිරීම අනාගතයේ භයානක සොභාවික විපත් සදහා මුහුණ දීමට මග පෙන්වීමක්, සියලු සත්වයන් ට භයානක ප්‍රතිඵල අත් විදීමට සිදුවේ.

අතීත සොභාවික විපත් සිහියට ගන්න, බෞද්ධ දර්ශනය අනුව හේතු ඵල දහමක් ඇත, යම් කණ්ඩායමක හෝ තනි පුද්ගලයෙකුගේ සුඛවිහරණය සදහා සමස්ථ සත්ව වර්ගයාම විනාශ මුඛයට ඇද නොදමන්න.

වගකිවයුත්තන් ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් නිදිගත් සිංහයන් එලි බහින දිනය වැඩි ඇතක නොවන බව සිහි තබාගෙන කටයුතු කිරීම වැදගත් බව මතක් කරමු.

රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා