ඇමැති මනෝට පාතාලයෙන් තර්ජන - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 29, 2017

ඇමැති මනෝට පාතාලයෙන් තර්ජන

මැතිවරණ සමයේ පාතාල සාමාජිකයින් පිරිසක් තමාට හානි කිරීමේ සූදානමක පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත්
කිරීමෙන් පසු තමන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් දේශපාලන පක්ෂ කොළඹ මහනගර සභාවට පාතාල කල්ලි නායකයින්ගේ ඥාතීන් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසී ය.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මනෝ ගනේෂන් ඇමැතිවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව කොළඹ මහනගර සභාවට එකමුතු ප්‍රගතිශීලී සන්ධානය ලෙසින් තරග කරයි.