පොහොට්ටුව දිනවන්න යන ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් පක්‍ෂයෙන් නෙරපන්න ජනාධිපති තීරණය කරයි… - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 20, 2017

පොහොට්ටුව දිනවන්න යන ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් පක්‍ෂයෙන් නෙරපන්න ජනාධිපති තීරණය කරයි…

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම මැතිවණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් ශ‍්‍රීලනිපයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැති මහින්ද
සමරසිංහ මහතා මේ බව කියා සිටියේය.

පොහොට්‌ටුමේ මැතිවණය ප‍්‍රචාරක කටයුතු සදහා සහභාගී වන ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් ගැන සොයා බැලීමට විශේෂ නියෝජිතයන් දිස්ත‍්‍රික් මට්ටමින් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවත් ඔහු සදහන් කලේය.

ඉන් පසු එම පිරිස් පක්‍ෂයෙන් ඉවත් කිරීම සදහා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.