ආහාර සුරක්‍ෂිතතාවයෙන් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

ලෝක ආහාර සුරක්‍ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

බි්‍රතාන්‍යයේ සිට ක්‍රියාත්මක ආර්ථික බුද්ධි ඒකකයේ ඩුපොන්ට්
සමාගමේ අනුග්‍රාහකත්වය මත වාර්ෂිකව මෙම දර්ශකය ගණනය කර ඇති බව සඳහන්.

ලෝකයේ රටවල් 113 ක් අතරින්, ආහාර සුරක්‍ෂිත දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 66 වන ස්ථානයයි.

ලෝක දර්ශකයේ පළමු ස්ථානය අයර්ලන්තයට හිමිව ඇති අතර අමෙරිකාව සහ එංගලන්තය එහි දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට පසුව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට වන්නේ ඉන්දියාවයි.

ආහාරවල ගුණාත්මක හා ආරක්‍ෂාව, පහසුවෙන් ලබාගත හැකි වීම සහ සුලබතාව යන ප්‍රධාන කරුණු තුන යටතේ ක්‍ෂේත්‍ර 28 ක් උපයෝගී කර ගනිමින් මෙම දරුශකය ගණනය කර ඇති බව සඳහන්.



Share:

Advertisement

gossip lanka

Advertisement