භාෂා ප්‍රවීනතාව මත ආණ්ඩුව හරහා ජපන් රැකියා - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, December 21, 2017

භාෂා ප්‍රවීනතාව මත ආණ්ඩුව හරහා ජපන් රැකියා

මෙරට තරුණ තරුණියන්ට  ජපානයේ රැකියා අවස්ථා  ලබාදිම සදහා විදේශ රුකියා අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ජපන් භාෂා ප්‍රවීනතා සාමාන්‍ය මට්ටම සමත් හෝ ඒ පිළිබඳ හදාරා ඇති වයස අවුරුදු 18 - 30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ  සඳහා අයදුම් කළ හැකියි.

විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ සාත්තු සේවිකා සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව ඇති බවයි.
මේ සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද සහ හෙට යන දෙදින තුල කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා පළපුරුද්ද සනාත කළ හැකි ලේඛන රැගෙන පැමිණෙන ලෙස ද එම කාර්්‍යාංශය ජපාන රැකියා අපේක්ෂකයින්ට දැනුම්දී සිටිනවා.