ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 20, 2017

ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්

ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටි.ඒ.ආර්.ජේ.ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බවයි.

පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක ද මේ පිළිබදව අසත්‍ය පුවත් පල වී
තිබූ බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

ඉතිහාසය විෂය කප්පාදුවකට ලක් කිරීම හෝ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති මොහොතක ජනතාවට සංවේදී කරුණු විකෘති කරමින් ඉදිරිපත් කිරීම පිළිබදව බලවත් අප‍්‍රසාදය පල කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

විෂය මාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් වන අතර වසර අටකට වරක් විෂය මාලා නවීකරණය හෝ සංශෝධනය කිරීම සිදු වෙයි.

එහෙත් ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.