ලෝක පාපන්දු කුසලානය පළමු වරට ලංකාවට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 22, 2017

ලෝක පාපන්දු කුසලානය පළමු වරට ලංකාවට

රුසියාවේ දී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසලානය පළමු වරට දැක ලබාගැනීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට ලබාදී තිබේ.

තරගාවලියට පෙර රටවල් 54කට රැගෙන යන එම කුසලානය පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත ය.

ජනවාරි මස 23 වන දින එම කුසලානය ජනාධිපතිවරයා වෙත
පිළිගැන්වීමෙන් පසු 24 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ප්‍රදර්ශනයට තැබෙනු ඇත.

මේ පිළිබඳ නිළ වශයෙන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති නිළ නිවසේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.