සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.
මෙවර, මධ්‍යස්ථාන 5,116 ක දී විභාගය ආරම්භ වුණේ පසුගිය 12 වනදායි.
ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් සංඛ්‍යාව හය ලක්‍ෂ අසූ අට දහස් පන්සිය හැත්තෑ තුනක්.

මෙවර විභාගයේදී ජංගම දුරකතන භාවිත කරමින් වංචනික ලෙස පිළිතුරු සැපයූ අනුරාධපුර සහ කොළඹ ප්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු පිළිබඳව ද වාර්තා වුණා.
විභාගය අවසන්විමෙන් අනතුරුව පාසල් අසල කළහකාරීව හැසිරෙමින් අනවශ්‍ය ලෙස රැදී සිටීමෙන් වළකින ලෙසයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කළේ.
එලෙස කළහකාරීව හැසිරෙන සිසුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

Share:

Advertisement

gossip lanka

Advertisement