අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිලක්

උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිල කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම ආහාර ද්‍රව්‍ය ස්ථාවර මිල ගණන් යටතේ ලංකා සතොස වෙළෙඳසැල්වලින් සහ සුපිරි වෙළෙඳසැල්වලින් ද ලබා ගත හැකි බවයි.
ඒ අනුව සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 71 කට සහ නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 74 ක මිලකට අළෙවි කිරීමට නියමිතයි.
ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 135 කටත්, සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100ක මිලකටත්, අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 139 කටත් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර සැමන් ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 127 ක මිලකටත්, පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 124 කට සහ හාල් මැස්සන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 515 ක ස්ථාවර මිලක් ද නියම කර ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ.
මෙම ස්ථාවර මිල ගණන් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක කරන්නැයි ජීවන වියදම් කමිටුව විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Share:

Advertisement

gossip lanka

Advertisement