දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ කතිර දළ ඇතාද ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වන්නට ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති.
මීට වසර දෙකකට පෙරදී මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී අන්තිම වරට දැකගන්නට ලැබුණ මෙම ඇතා උසින් අඩි 12කි. අඩි 6ක් පමණ
දිගින් යුත් දළ යුගල එකිනෙක හාවී තිබීම නිසා කතිර දළ ඇතා නමින් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව සිටියේය.
මෙම දළ ඇතා දඩයම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව සිටියදී ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් කිහිප වතාවක්ම ප්‍රතිකාර ලබාදී තිබිණි.
මෙම ඇතාගේ අතුරුදන්වීම පිළිබඳ විවිධ මාධ්‍ය ආයතන තොරතුරු අනාවරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් කමිටුවක් පත්කොට ඇතා සොයාබැලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.
කතිර දළ ඇතා පසුගිය වසර දෙකක පමණ වූ කාලය තුළදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය, මාදුරුඔය, කවුඩුල්ල හා සෝමාවතිය ජාතික වනෝද්‍යානවලදී දැකගන්නට නොලැබුණු බව පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ජේ. වික්‍රමසිංහ මහතා කීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකුගෙන් මේ පිළිබඳව විමසීමේදී කතිර දළ ඇතා පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට නොලැබුණි.
Friday, December 8, 2017
මින්නේරියේ කතිර දළ ඇතාත් අතුරුදන්
Tags
# slide

About Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide