ජනපතිට සහය දැක්වීමට එක්වූ ජ.වි.පෙ. 31 මෙන්න

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය  පළ කර තිබෙනවා.

ඒ අනුව, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු,
පළාත් සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස ජනාධිපතිවරයාට සහය දැක්වූ පිරිස අතරට ඇතුළත් බව සඳහන්.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 18 දෙනෙකු ද ජනාධිපතිවරයට සිය සහය පළ කර තිබෙනවා.

අදාළ පිරිස අතරින් බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාජිකත්වය ද පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

01. දිමුතු අබේකෝන්
02. ආර්.පී.ඒ රණවීර
03. එස්. කේ සුබසිංහ
04. අංජාන් උම්මා

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එක් වූ එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරුන්

05. එරාජ් ක්‍රිශාන්ත ද අල්විස්
06. සමන් පුෂ්පකුමාර
07. අනුර දිසානායක
08. එච්.එම්.කේ හේරත්
09. එම්. ජයරත්න
10. අරුණ දිසානායක
11. පී.භුමිනාදන්

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේ්ශීය සභා මන්ත්‍රීවරුන්

12. ඉන්දික සෙනරත් කුමාර
13. සේනක රණසිංහ

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සංවිධායකවරුන් හා සාමාජිකයින්

14. ධම්මික වංශතිලක
15. කිත්සිරි විජේසිංහ
16. එම්.ඒ ගුණතිලක
17. එච්.එම්.පී.එම් කරුණාරත්න
18. අනුර බණ්ඩාර හදගම
19. හේමන්ත ජයරත්න
20. අනුර ගෝනාවල
21. ප්‍රසන්න සුජීව මෙන්ඩිස්
22. යූ.එල්. මුජිබර් රහුමාන්
23. ඩබ්.පී.කේ ධම්මික ලියනගේ
24. ඩබ්.එම්.ඒ ප්‍රියන්ත විජේසිංහ
25. ආර්.ඩබ්. බන්දුල
26. ආර්.බී. ඩබ්.වයි වන්නිනායක
27. ආර්.ඒ විජේසේකර
28. ඩබ්.ප්‍රියන්ත ගුණසිරි
29. ලයනල් ප්‍රනාන්දු
30. ඒ.එම් අබේකෝන්
31. ඩබ්.ඒ අර්ජුන කැලූම් ඒකනායක

මේ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පාලිත ලිහිනිය කුමාර මහතා සමග සාමාජිකයන් දෙදෙනෙකු ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්ව තිබෙනවා.




Share:

Advertisement

gossip lanka

Advertisement