පුංචි ජන්දයේ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවෝ - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 30, 2017

පුංචි ජන්දයේ පෝස්ටර් ඉවත් කිරීමට කම්කරුවෝ

පළාත් පාලන මැතිවරණයේ පෝස්ටර් කටවුට් ඉවත්කිරීමට සෑම පොලිසියකටම කම්කරුවන් දෙදෙනෙකු ලබා දීමට කටයුතු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අනුව ප්‍රධාන පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනෙකු බැගින් 
සහ අනෙකුත් සෑම පොලිස් ස්ථානයකටම කම්කරුවන් දෙදෙනෙකු  තාවකාලිකව බඳවා ගැනීමේ අවසරය ලබාදී ඇත.

දිවයින පුරා පොලිස් ස්ථානවලට කම්කරුවන් 1065 බදවාගනු ඇත. දෛනික වැටුප් ගෙවීමේ පදනම් මත මෙම කම්කරුවන් අදාළ පොලිස් ස්ථානවලට තාවකාලිකව බඳවා ගැනීමෙන් පසුව අදාළ බල ප්‍රදේශවල තිබෙන පෝස්ටර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පොලිසිවලට පැවරෙන බව  අතිරේක මැතිවරණ කොමසාරිස්  සඳහන් කළේය.